අවුරුදු 95ක් වෙලත් විභාගෙට ලියා වාර්තාවක් තියපු නාවලපිටියේ ආච්චි..! ( ප්‍රවෘත්ති )

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මෙරට වයස වැඩිම විභාග අපේක්ෂිකාව ලෙස සිය නම වාර්තා පොත් අතරට එක් කරමින් නාවලපිටියේ මිත්තනියක අද (06) දිනයේදී විභාගයකට මුහුණ දී තිබේ.
ලීලාවතී ඇස්ලින් ධර්මරත්න වන මෙම මිත්තනිය අද දින මුහුණ දී ඇත්තේ මහනුවර ඩී.එස්. සේනානායක විද්යාලයේදී ත්රිපිටක ධර්ම සහ පාලි භාෂා උපාධියටය.
වෘත්තියෙන් ඉංග්රීසි ගුරුවරියක ලෙස කටයුතු කර ඇති ඇය පසුව නොතාරිස්වරියක ලෙසද කටයුතු කර ඇත.
යම් හෙයකින් මෙම විභාගය සමත් වුවහොත් තමන් කැළණිය විශ්වවිද්යාලයේ පශ්චාත් උපාධියට පෙනී සිටීමටද සැලසුම් කර ඇති බව පැවසේ.
උපුටා ගැනීම: Senuri Ahinsa

Read More Like This