යාළුවෙක්ට ඕපදූපයකට කතා කරාම. (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
– මචං ඕපයක් තියෙ..
අඩේ කියහන්.. මොකක්ද ..? මොකක්ද .. ?
– ඒ පොඩ්ඩක් හිටහන් මචං පොඩි වැඩක්.. මම උඹට විනාඩි පහෙන් ගන්නම්..
ඉතින් ඒ විනාඩි පහේ ගතවෙන හැම තත්පර දෙකකට වරක්ම අරූ කෝල් ගහනවා මෙසේජ් කරනවා ඕපාදූපය අහගන්න… කරුමෙ ඉවසගන්නම බැරි තැන වැඩ පැත්තකට දාලා ඕපෙ කියනවා…!
එතකොට උන්ගෙ ප්රතිචාර
// ඒ සිරාවට..?
ඇත්තද බං.. අප්පා ඊට පස්සෙ..?
බලපන් ඉතින් නේ.. චාටර් නෙ..?
ඉතින් ඉතින්…අනේ ෆෝන් එක තියන්න එපා බං.. ඕක කියලා ඉවර කරපම්කො..
ඒ… සිරාවට..? හම්මෝ මම කිව්වෙ නැද්ද..?
හාාපො… තව තව…? අනේ සේරම කියපම්කො.. හංගන්නෙ මොකටද.? අනේ බං කියපංකො.. //
ඔහොම කියලා කියලා මම ඕපෙ කියලා ඉවර වුණාම..
අනේ අපිට අනුන්ගෙ ඒවා වැඩක් නෑ බං… මොකටද ඕවා..!

Read More Like This