දිව්‍යලෝකය (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
වේදනාව අවසන් වී ඇත. වැටී සිටි තැනින් නැගිට මගේ ශරීරය සෙවීමට උත්සාහ කළෙමි. නිසැකයෙන් ම එය මම ගැටුණු වාහනය යට තිබිය යුතුය. පාවී මෙන් මම ඒ දෙසට ගමන් කළෙමි.
“හේ….. කොහොමද ඔයාට….?” පිටුපසින් කතා කරුනු ඇසිනි.
සිනහ වෙමින් සිටින ගැහැණු ලමයකු දැකීමට මා පිටුපස හැරී බැලුවෙමි. ඇයට මාව දැකිය හැකි නම්….. අනිවාර්යයෙන්ම ඇයත් මා වැනිම ආත්මයක් විය යුතුය.
ඇය සිනාසෙමින් සිටි.
“ඔයා නිකංම ඒක අත ඇරලා දැම්ම වගේ දැක්කේ… මම බලාගෙන හිටියේ…..”
මම වික්ෂිප්තව කතා කළෙමි.
“දැන් මොකද වෙන්නේ…? ඇයි මාව දිව්යලෝකයට හෝ අපායට ඇදිලා යන්නේ නැත්තේ…”
” හැමෝම වරද්දගෙන… අපි දැන් ඉන්නේ අපාය තමා….”
“එතකොට දිව්යලෝකේ…?”
“ඔයා ජීවිතය අත් හැරලා දැම්මේ…. ඒක තමා දිව්යලොකය….!”
උපුටා ගැනීම: රාම් වණා 

Read More Like This