පටලැවිල්ල… (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ සිද්දිය උනේ දවස් දෙක තුනකට කලින්. මගේ කොලු පැටිය ඉන්නෙ දෙක වසරෙ. ගිය සතියෙ දවසක බයිසිකල පදින්න ගිහින් කකුල තුවාල උනා.
මැහුම් දෙකකුත් දැම්මා. මැහුම් දාද්දිවත් මේ කොල්ල නෙමෙයි ඇඩුවෙ.. දෙයියනේ කියල දවස් දෙකක් විතර කකුල උඩ තියන් හිටියා .. ඊට පස්සෙ ඉතින් තනි කකුලෙන් පැන පැන ගේ වටේම යනවා..
කකුලෙ තුවාලෙ නිසා ටොයිලට් එකට, ඇග හෝදන්න යද්දි කකුලෙ ශොපින් එකක් ගැට ගහගෙන තමයි යන්නෙ . කොල්ලට කොහොමත් ශොපින් එක ගැට ගහ ගන්න බැහැ . කකුලට දා ගෙන මට කියනව ගැට ගහන්න කියල..
මේ සිද්දිය වෙද්දි තුවාල වෙලා සතියක් විතර ගිහින් . මම කොල්ලගෙ ඇග හෝදන්න ලේස්ති උනා. මම නාන කාමරේ බංකු දෙකකුත් තියල වතුර එක පිරෙව්වා . කතා කලාම කකුලෙ ශොපින් එකකුත් දාගෙන ඇවිත් කිව්ව ගැටගහන්න කියලා .
මාත් කකුල ගැට ගහල බංකුවෙන් වාඩි කරල තුවාල කකුල අනිත් බන්කුව උඩින් තිව්ව . ඇගට වතුර දාල, කකුල තෙත මාත්තු කලා හදිස්සියෙ වත් වතුර ගියොත්..
ඊට පස්සෙ අනිත් කකුල ලග පහත් උනා ඒ කකුල හෝදන්න .
මෙන්න යකෝ ප්ලාස්ටර් එක ඒකෙ. මම කෑ ගැහුවා කෑගැහිල්ලක්, ඒකට බය වෙලා කොල්ලත් කෑ ගහනව.
කෑ ගැහිල්ලට මහත්තය දුවගෙන ආව.
මොකද
තුවාලෙ අනිත් කකුලෙ
මොකක්..කව්ද ශොපින් එක දැම්මෙ .
පුතා දාගෙන ආවම. මම ගැට ගැහුවා .
එතකොට හොද කකුලද, ශොපින් දාගෙන උඩ තියන් හිටියෙ ..
ඕ..
මරු අම්මයි , පුතයි.. දෙන්නම එනවල ගෙට , එකක් බලන්න බැරි උනොත් ඉවරයි ඉතින් ..
ආයෙ තුවාලෙට බෙහෙත් දැම්මා ඉතින් ..
මැහුම් දාද්දිවත් ඇඩුවෙ නැති කොල්ල එදා ඇඩුව මගේ කෑ ගැහිල්ලට බය වෙලා..
උපුටා ගැනීම:  Eranga Lakmali

Read More Like This