අහසට ගිහින් ගත්තු වෙඩිම (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කොරෝනා නිසා ලංකාවේ විතරක් නෙමෙයි, ඉන්දියාවෙන් වෙඩිං තහනම් කරලා තියෙන්නේ. ඒත් ඉතින් ඉත්තෑවෝ දුවන ලෙඩේට රටක් ජාතියක් අදාළ නැහැනේ.
කසාද බඳින එකේ ඔය කියන තරම් ආතල් එකක් නෑ කියලා බැඳපු උන් කට කැඩෙනකම් කිව්වත්, බඳින්ඩ ඉන්න උන්ට බඳිනකම් නින්ද යන්නේ නෑ. ඉත්තෑවගේ හැටි තමයි ඒ.
මෙන්න මේ විදිහේ ඉත්තෑවෙක් දුවපු ඉන්දීය ජෝඩුවක් පහුගිය දවසක නිරෝධායන නීති බල්ලට දාලා කසාද බැන්දා. වෙඩිම තිබ්බේ බිම නෙමෙයි, උඩ. හරියටම කිව්වොත් අහසේ පියාසර කරන ප්ලේන් එකක. වැඩේ කියන්නේ මේ වෙඩිමට අමුත්තෝ 160 ක් විතර සහභාගි වුණාලු.
මේ ජෝඩුවගේ නම රාකේෂ් සහ ධක්ෂිනා.
ඉන්දියාවේ කොවිඩ් මරණ සංඛ්යාව පහුගියදා ලක්ෂ 3 පැන්නා. තමිල්නාඩුව මේ වෙද්දි ලොක් ඩවුන් කරලා තියෙන්නේ. විවාහ උත්සවයකට සහභාගි වෙන්න පුලුවන් උපරිම ගාන 50 යි.
ඉතින් රාකේෂ්-ධක්ෂිනා කළේ කොමර්ෂල් ජෙට් එකක් කුලියට අරගෙන, නෑදෑයොත් යාලුවොයි ඔක්කොම ඒකේ පටවගෙන මදුරෙයි කියන නගරයෙන් අහසට ගිහින් වෙඩිම ගත්තු එක.
ප්ලේන් එක ඇතුලේ හිරවෙලා ඉන්න උන් එකෙක්ටවත් මාස්ක් නෑ. සමාජ දුරස්ථ භාවය නැහැ. ඒ මදිවට වෙඩිමේ පොටෝ අරන් ඒවා ෆේස්බුක් දාලා.
මුන් දෙන්නට විරුද්ධව නඩු දානවා කියලා තමයි ඉන්දියවේ සිවිල් ගුවන් තොටුපොළ අධිකාරිය කියන්නේ.
කොච්චර කිව්වත් බඳින්ඩ එපා කියලා… බඳින්නඩම ඕනේ කියන අමාරුව තියෙන ලංකාවේ නංගිලා මල්ලිටත් මේ වගේ දෙයක් ට්රයි කරලා බලන්ඩ පුලුවන්.

Read More Like This