බීම බෝතලේ (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පොඩි කාලෙ නැන්දා කෙනෙක් එක්ක අපි ශොපිං ගියා..ගිහින් බීම
එකක් බොන්න කඩේකට ගොඩ උනා..
මේසෙට වාඩි වෙලා වේටර්ට නැන්දා මෙහෙම කිව්වා ” අපිය හත යූ පී හතරක් ගේන්න”
වේටරයා කොර වෙලා මන්ද වෙලා අපේ දිහා බලං ඉන්නවා..
නැන්දා – ” මොකෝ බය වෙලා වගේ? බනිස් මාළු පාන් තියෙනව නම් ගේන්න ඒ එක්කම”
වේටර් – ” මිස් අර බීම එක මොකක්ද? “
නැන්දා – ” හත යූ පී”
වේටර් – ” අපේ ගාව එහෙම එකක් නෑනෙ..මම එහෙම එකක් අහලවත් නෑනෙ මිස්”
නැන්දා – ” අර ඉස්සරහ එනෙකොටම තියෙන ෆ්රිජ් එකේ තියෙන්නෙ..කොළ පාට බෝතලේ”
වේටර් – ” ඒ සෙවනප්”
උපුටා ගැනීම:  Mahesh Neranjan Palliyaguru

Read More Like This