රත්නපුරෙන් හමුවූ ලොව විශාලතම මැණික ස්විට්සර්ලන්තයට රැගෙන යයි.. (ව්‍යාපාර හා වෙලදාම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පෞද්ගලික පතලකින් හමුවූ ලොව විශාලතම මැණික බවට සැලකෙන ආරුනූල් මැණික (ආරුනූල් සමූහය) ස්විට්සර්ලන්තයට ආරක්ෂිතව රැගෙන ගිය බව මැණික් හා පතල් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.

මෙම ආරුනූල් මැණික සම්බන්ධයෙන් සහතිකයක් ලබාගැනීම සඳහා එය ස්විට්සර්ලන්තයට මෙසේ රැගෙන ගිය බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

මැණික ස්විට්සර්ලන්තයේ මැණික් සම්බන්ධ පර්යේෂණාගාරයකදී පූර්ණ පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් තත්ත්ව සහතිකයක් නිකුත් කෙරෙනු ඇත.

මැණික විදේශීය මැණික් වෙන්දේසියකදී අලෙවි කිරීමට කටයුතු සූදානම් කෙරෙන්නේ ඉන් පසුවය. මැණික ස්විට්සර්ලන්තයට රැගෙන ගොස් ඇත්තේ කුරියර් භාණ්ඩ ප්‍රවාහන ක්‍රමය මාර්ගයෙනි.

මෙම මැණික චීන මැණික් වෙන්දේසියකදී අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවත් මැණික සම්බන්ධයෙන් රටවල ගණනාවකින් දැනටමත් විමසීම් කර ඇති බවත් ලොහාන් රත්වත්තේ මහතා කීවේය.

– ලංකාදීප

උපුටා ගැනීම: Lanka Telegraph

Read More Like This