ඉඩි අමින්… (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපේ බැචෙක් උන්නා… කාඩ් එක ඉඩි අමින්… ඌ නපුරු නෑ ඒත් මූනේ හිනා පොදක් නෑ… ඒ හින්දා ඌට එහෙම කිව්වා. අපි බඩ අල්ලං හිනා වෙද්දි ඌ ගල් රූපයක් වගේ උන්නා. ඌ කලේ විද්යා විශයන්… අපේ උන් හිනා උනේ ඉඩිගේ හිනාවත් ටෙස්ට් ටියුබ් දාලා බන්සන් දාහකේට අල්ලලා පුච්චලා කියලයි.
ඉඩි හිනාවුනේ නෑ කවදාවත් .
කෙල්ලෝ කිව්වේ උබේ කාඩ් එක සිරා කියලා දැම්මනම් හොදයි කියලයි.
අපි එදා තොරන හංදියේ තිබුන මාතර බත් කඩේට ගියේ වෙනසකටත් එක්ක. රූම් එකේ හැමදාම වට්ටක්කා යි මෑකරලුයි කාලා ඇති වෙලා උන්නේ .
ඉඩියයි මමයි වාසියයි බස් එකෙන් බැස්සට නිරාට බැහගන්න වෙලා ගියා . අද්දන බස් එකෙන් නිරා බැස්සා. බස් එක යන පැත්තටම ටිකක් දුවලා එපායෑ වේගය බැලන්ස් කරගන්න . නිරා කලබලේට බැහැලා දිව්වේ අනික් පැත්තට .
සමබරතාව බින්දුවටම පිට පැන්න නිරා ගේ කකුල් සිග් සැග් ක්රමේට බුසු බුසු ගාලා ගිහින් ඒ පැත්තෙන් හරි විදිහට ආපු මාලු කාරයෙක්ගේ බයිසිකලේ
දේ… යි ….ගාලා හැප්පුනා…
දඩ බඩාස් ගාලා දූවිලි ගොඩාක් අවුස්සං නිරා මාලු පෙට්ටිය ඇතුලේ උන්නා….
කොහෙද…… භල්ලෝ දුවන්නේ…. කියලා බොහෝම ශාන්ත දාන්ත විදිහට ඉතාමත් උපේක්ෂා සහගතව හුරුල්ලෝ ඔඩොක්කුවක් පුරවං උන්නු මාලු කාරයා ඇහුවා.
හම්මට …….කියලා හැමෝම දුවගෙන ඇවිල්ලා දෙන්නවම දඩ බඩ ගාලා ඉස්සුවා. මටයි වාසියටයි බඩ පැලෙන්න හිනා ගියා.
හිනා පොදක් නැති ඉඩියා…
මචං… එව්රි ඇක්ශන් හෑස් අ රිඇක්ශන්… සෑම ශක්තිය කටම ප්රතිවිරුද්ධ ශක්තියක් තියෙනවා …. ඒක මචං නිවුටන්ගේ තර්ඩ් කන්සෙප්ට් එකනේ කිව්වා ….
නැට්ටට පල් වෙලා උන්නු නිරා තප්පර පහක් විතර ඉඩියා දිහා බලං ඉදලා තොගේ අම්මා ගේ රෙද්ද…. කියලා කොර ගගහ උනාට සෑහෙන වේගෙන් බත් කඩේට ගියා. මගෙයි වාසියගෙයි හිනාව ගැන අමුතුවෙන් ඕනෙ නෑනේ
උපුටා ගැනීම: Indika Peiris

Read More Like This