එන්නත් ලබා නොගත්තේනම් වහාම සේවයෙන් ඉල්ලා අස්විය යුතුයි (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ප‍්‍රංශය කොරෝනා මර්දන එන්නත් ලබා නොගත් සෞඛ්‍ය සේවකයන් 3000කගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ප‍්‍රංශය සිට රටේ සියලූ සෞඛ්‍ය, සාත්තු නිවාස හා ගිනි නිවන හමුදා සේවකයන්ට කොරෝනා එන්නත් ලබා ගැනීම අනිවාර්යය කර ඇති අතර මෙම සෞඛ්‍ය සේවකයන් පිරිසගේ සේවය අත්හිටුවා ඇත්තේ එම නීතිය යටතේය.

කෙසේ වුවද මෙම සේවය අත්හිටුවීම තාවකාලික පියවරක් බව පවසා ඇති ප‍්‍රංශයේ සෞඛ්‍ය ඇමති ඔලිවියර් වේරාන් සේවය අත්හිටුවනු ලැබූ බොහෝ සෞඛ්‍ය සේවකයන් කොරෝනා එන්නත ලබාගැනීමට මේ වන විට එකඟ වී ඇති බව සඳහන් කර තිබේ.

ප‍්‍රංශයේ නව කොරෝනා මර්දන නීති රීති යටතේ එරට සෞඛ්‍ය සේවකයන් සැප්තැම්බර් 15 වැනිදා වන විට කොරෝනා මර්දන එන්නතෙන් එක් මාත‍්‍රාවක් හෝ ලබා නොමැති නම් සේවයෙන් ඉල්ලා අස් විය යයුතුව ඇත. මෙම නව නීතිරීති වලට එරෙහිව ප‍්‍රංශ සෞඛ්‍ය හා ගිනි නිවන හමුදා දෙපාර්තමේන්තු සේවකයෝ ඉකුත් මාසයේ විරෝධතාවයක නිරත වූහ.

උපුටා ගැනීම: Lanka Telegraph

Read More Like This