ලංකාවට එල්ල වියහැකි ත්‍රස්ත ප්‍රහාරයක් ගැන බ්‍රිතාන්‍ය කියයි (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

එක්සත් රාජධානිය සිය රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කළද, අත්‍යවශ්‍යම කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම එරට වැසියන්ට තහනම් කර තිබේ.

එසේම ත්‍රස්තවාදීන් විසින් ශ්‍රී ලංකාව තුළ ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළ හැකි බවද එම සංචාරක උපදෙස්වල නැවත සඳහන් කර ඇත. පෙරේදා (22 වැනිදා) සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාව රතු ලැයිස්තුවෙන් ඉවත් කර ‘ඇම්බර්’ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එක්සත් රාජධානිය කටයුතු කළේය.

කෙසේ වෙතත්, වර්තමාන කොවිඩ්-19 අවදානම් තක්සේරුව මත පදනම්ව, ශ්‍රී ලංකාවේ සිදුකරන අත්‍යවශ්‍ය සංචාර හැර සෙසු සංචාර සියල්ලම සිය රටවැසියන්ට තහනම් කරන ලෙස විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලයීය හා සංවර්ධන කාර්යාලයට උපදෙස් ලැබී ඇත.

 

උපුටා ගැනීම:Gossip Lanka News

Read More Like This