ගංගා අවට ජීවත්වන ජනතාවට දැනුම්දීමක් (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

කළු ගඟේ ජල මට්ටම ඉහළට

කළු ගඟ ජල මට්ටම අද (27) උදැසන වන විට මීටර් පහ ඉක්මවා ගොස් තිබූ බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සදහන් කළේ රත්නපුර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජල ම්ටම ඉශල ගොස් ඇති බවයි.

රත්නපුර මුවගම සවිකර තිබෙන ජල මාපකයට අනුව මීටර් පහ ඉක්මවා ගොස් තිබූ බව එම කාර්යාලය සදහන් කරයි.

මකුළු ගඟ සහ කළු ගගේ අතු ගංගා අවට මෙන්ම පහත් බිම්වල පදිංචිව සිටින පිරිස් දැඩි අවධානයෙන් සිටින ලෙස ද රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය උපදෙස් ලබාදි තිබේ.

 

උපුටා ගැනීම:  අරුණ

Read More Like This