සියලුම සරසවි සිසුන්ට දැනුම්දිමක් (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

විශ්වවිද්‍යාලවල සියලුම සිසුන්ට මෙම මස 7 සහ 8 යන දිනවල දී කොවිඩ් එන්නත ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලසුම් කර ඇත.

තමන්ගේ පදිංචියට ආසන්න විශ්වවිද්‍යාලයේ දී සිසුන්ට එන්නත ලබා ගැනීමට හැකි වන අතර විශ්වවිද්‍යාල හැඳුනුම්පත ඉදිරිපත් කිරීම පමණක් ප්‍රමාණවත් වෙයි. කිසිදු හේතුවක් මත තමන්ට අදාළ විශ්වවිද්‍යාලයට පැමිණීමේ අවශ්‍යතාවක් නැතැයි ද මෙම දින දෙකේ දී එන්නත ලබා දී අවසන් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එකඟතාව පළ කර ඇතැයි ද ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ඊයේ (03 වැනිදා) පැවසීය.

එන්නත ලබා දීමෙන් පසු නොවැම්බර් මාසයේ දී විශ්වවිද්‍යාල විවෘත කිරීමට කොමිෂන් සභාව සූදානමින් සිටියි. අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාල විවෘත කිරීම සම්බන්ධයෙන් උපකුලපතිවරුන්ගේ කමිටුව සමග ද සභාපතිවරයා මේ වන විට සාකච්ඡා කර තිබේ.

 

උපුටා ගැනීම: Gossip Lanka News

Read More Like This