බලා ලිවීම (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
බලා ලිවීම යනු පිටපත් කිරීම ය.හැබැයි මේ බලා ලිවීම ඒවගේ එකක් නෙවේය.
අපේ චූටි දුව හෙවත් අපේ නංගිගේ බලා ලිවීම ගැනය.
දිනක් මා , ගෙදර ඇතුලෙන් සද්දයක් බද්දයක් නොමැති නිසා සොයා බැලුවේ අපේ අයියාත් ,නංගීත් කෝ කියාය.අයියා නම් පාඩම් වැඩකය.නංගි පණ දාගෙන කුමක්ද සොයනවා පෙණුනේය.ලංවී බැලූ විට පෙණුනේ නංගී ප්රශ්න පත්තරයකට උත්තර ලියන බවය.
කලබලයෙන් සහ ඉතා උවමනාවෙන් සොයන්නේ කුමක්දැයි ,නංගිගෙන් ඇසූ විට නංගී පැවසුවේ,’මං මේ හොයන්නේ පස්වැනි ප්රශ්නෙට උත්තරය’ බවය. උත්තර පිටු මාරු වී පොතේ
පිටිපස්සේ ඇති උත්තර පත්තරයෙන් නංගිගේ ප්රශ්නයට උත්තර හොයා ගැනීමට නොහැකි වී තිබෙන්නේය. ප්රශ්න පත්රය හදපු කෙනාට සිත් සේ බැනවදිමින් නංගි උත්තර හොයනවා බලා ගෙන සිටීමට තරම් ලස්සනය.
‘හැදෙන ගහ දෙපැත්තෙන් දැනෙනවා’ කියන්නේ මේකටය.
ජීවා!!!
උපුටා ගැනීම: Heshani Perera

Read More Like This