රු.20සේ නව කාසිය රු.1300යි….. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ශ්රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව සමරු කාසිය එළිදක්වා තිබෙනවා..
කාසිය පැති 7ක් සහිත හැඩයකින් යුතුවූ මෙම කාසිය ඇලුමීනියම් සහ ලෝකඩවලින් නිමවා තිබෙනවා..
කාසි 3,000ක සීමිත නිකුතුවක් වන මෙය සංසරණය සඳහා භාවිත නොකෙරෙයි…
කාසිය පිලිබද විස්තරය‼️
* ලෝහය – ඇලුමිනියම් , යකඩ
* කාසි වර්ගය – සංසරණය සදහා නොයෙදූ දිලිසෙන
* විශ්කම්භය – මි.මී.28
* ඝනකම – මි.මී.2
* හැඩය – පැති 7 ක් සහිතය
* දාරය-පැතලි
* නිකුතුව – කාසි 3 000
කාසියේ මුහුණතෙහි ශ්රී ලංකා මහ බැංකුවේ ප්රධාන කාර්යාල ගොඩනැගිල්ලේ රූපය සහ “70” යන්න විශාල ඉලක්කමින් කාසිය මධ්යයේ දැක්වෙනවා…
කාසියේ මුහුණතෙහි වටිනාකම “20” විශාල ඉලක්කමින් සහ “රුපියල් විස්සයි” යන වචන සිංහල ,දෙමල , ඉංග්රීසි භාශා වලින්ද ” 2020″ වර්ශය එම වචන වලට පහලින්ද කාසියේ පිටුපස මුහුණතෙහි දැක්වෙනවා…
මහ බැංකු මූලස්ථානය සහ දිස්ත්රික් ශාඛා විසින් රුපියල් 1300ක මුදලකට කාසිය අළෙවි කිරීමට නියමිතයි.
උපුටා ගැනීම: Saranga Dilshan

Read More Like This