
පටිය.. (ඉස්කෝලෙ කාලෙ රස කතා)
කොල්ලො කියන්නේ නයාට අඳුකොල වගේ කාලෙකදි තමයි ඉස් ඉස්සෙල්ලම කොල්ලෙක් මගෙන් යාලු වෙන්න ඇහුවේ. මට කොයිතරම් කේන්ති ගියාද කිව්වොත් කොල්ලටත් බැනලා, අපේ අම්මටත් කියලා, අම්මා කොල්ලගේ අම්මටත් කිව්වා. ඒත් කොල්ලා නෙමෙයි කණකටවත් ගත්තේ. මම යකින්නක් වගේ කඩාගෙන පැන්නත් දිගටම පස්සෙන්



