
සතුන්ගේ උදරයෙන් හමුවූ අරුම පුදුම දේවල්……….. (වැල් වටාරම්)
‘ඔස්මින්’ කැස්බෑවා මිනිසුන් මෙන් කිසි දිනක කාසි පසු පස හඹා ගියේ නැත. එහෙත් ඌ පසුපස කාසි හඹා ආවේය. තායිලන්තයේ ශ්‍රී රාචා පිහිනුම් තටාකයට සංචාරකයන්ගෙන් අඩුවක් නැත. ඒ පිහිනුම් තටාකයේ කැස්බෑවාට කාසි දැමීමෙන් සියලු පැතුම් ඉටුවන බවට ඇති දැඩි විශ්වාසය නිසයි.








