එනිවන් කැන් කුක් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මගෙ අවුරුදු තුනක් වෙච්ච බබත් එක්ක මට ඊයෙ ඒ ප්රෝග්රෑම් එක බලන්න උනා. ඒකෙ හැදුවෙ නාන් රොටී. පෙරේදා මන් බබත් එක්ක එකතුවෙලා හැදුව එලවලු රොටී.
නාන් රොටිය හදන්නත් ටීවි එකේ අපි එලවලු රොටී හදපු විදියටම පිටි අනල රොටිය හදනව දැකපු බබා මට කියනව
“අම්ම, අර අපි හැදුව වගේ එයත් එලවලු රොටී හදනව”
” නෑ පුතේ ඒ නාන් රොටී. එලවලු රොටී නෙමේ”
කොල්ල ටිකක් වෙලා අන්දුන් කුන්දුන් වෙලා බලන් හිටිය.
“නාන් කියන්නෙ කවුද අම්මා?”
” නාන් කියන්නෙ රොටියෙ නමනෙ පුතේ. එලවලු රොටිය වගේ මේක නාන් රොටියනෙ. බලන්නකො හදන විදිය”
කොල්ලට ඒක සැටිස් නෑ වගේ.
“අම්ම අර ආතම්ම දුන්න දෙමළ බබා පොත බලනකොට කිව්වෙ නාන් කියන්නෙ මන් කියලනෙ. “නාන් මෙනුල “කියල කිව්වෙ. ඒකල්ල දැන් ඇයි නාන් රොටී කිව්වෙ අම්මා?”
අන්තිමට නාන් මෙනුලයි නාන් රොටියයි ගැන බොහොම අමාරුවෙන් කොල්ලට තේරුම් කරල දුන්නා.
පොඩි උන් එක්ක දැන් වචනයක් වැරදෙන්න බෑ. උන් ඉස්සර අපිට වඩා සෑහෙන්න ඉස්සරහින්…
(බබාස්සර පැටියගේ අම්මා)
උපුටා ගැනීම: Shyama Weerasinghe

Read More Like This