Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
Billy Owen ජීවත් වෙන්නේ ඇමරිකාවේ. ඔහු අපි හැමෝටම වඩා වෙනස් විදිහට ජීවත් වන පුද්ගලයෙක්. එය එසේ වන්නේ ඔහුට එක් ඇසක් පමණක් තිබීම.
ඔහුට 2009 වර්ෂයේදී නාස් කුහරයේ කලාතුරකින් ඇතිවන පිළිකාවක් වර්ධනය වී ඇති බව සොයාගන්නවා. මෙම පිළිකාවෙන් ඔහුව බේරා ගැනීම සඳහා ඔහුගේ දකුණු ඇස ඇතුළුව මුහුණේ දකුණු ප්රදේශයේ අවයව සහ පේශීන් කිහිපයක් ඉවත් කරනවා. මේ නිසා ඔහුට සුවඳ දැනෙන්නෙත් ඉතා අඩුවෙන් බව ඔහු පවසනවා.
නමුත් මෙය ඔහුගේ ජීවිතයේ අවාසනාවක් කරගන්නට ඔහු පෙළඹුණේ නැහැ. ඔහු දැන් හොල්මන් චිත්රපටවල රඟපෑමෙන් දායකත්වය දක්වන නළුවෙක්. ඒ විතරක් නෙවෙයි. Halloween කාලයේදී ඔහුව නැතුවම බැරි පුද්ගලයෙක්.
උපුටා ගැනීම: Chamini Wijesiri

Read More Like This