දැන්වීම (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
හෙන්රිගේ මේසය මත පොත් රැසක් තිබිණි. ඉංජිනේරු විද්යා පොත් නොව සාහිත්ය පොත් ය. පොත් ගොඩින් එක දෙක මිසිං වේ. සොරකමක් නොවේ. කියවන්නට ගෙන යන එකාගෙන් තවත් එකෙක් ඉල්ලා ගෙන යයි. අන්තිමේ පොත තියන තැන කවුරුත් නොදනිති.
මීට විසඳුමක් කල්පනා කළ හෙන්රි එතන ඇති පොත්වල ලැයිස්තුවක් කොළයක ලියා තැබීය. සෑම පොතක නමක් ඉදිරියේ ම රැගෙන යන්නාගේ නම ලිවීමට ඉඩක් සම්පාදනය කර තිබිණි. ලැයිස්තුව පොත් ගොඩ උඩින් තබා ඒ උඩින් දැන්වීමක් ලියා තබන ලදී.
“සබඳ, ඔබ මෙතැනින් පොතක් ගෙන යන්නේ නම් ලැයිස්තුවේ ඔබේ නම ලියා යන්න”යැයි එහි සඳහන් විය.
පසු දින එන විට එම දැන්වීම යටින් යම් කිසිවෙකු පහත දැක්වෙන නිර්නාමික සටහන තබා තිබිණි.
“සබඳ, මම ඔබේ ලැයිස්තුව රැගෙන ගියෙමි.”
උපුටා ගැනීම: Parakrama Kuruppu

Read More Like This