ඉංග්‍රීසි බැරි කම (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මම මගේ උපන්දින පාටියකදි කතාවක් පවත්වද්දී එක තැනකදී වචන ආවෙ නැතුව පොඩ්ඩක් හිර වුනා. මධුවිත නිසා අවශ්ය වචනෙ ආවේ නෑ කියමුකො.
මගේ යාලුවෝ සහ එයාලගෙ වයිෆ්ලා තමයි එතන හිටියේ. එක යාලුවෙක් හිටියා කාර් යාඩ් එකක් අයිති යහමින් සල්ලි තියෙන බොහෝම විනෝදයට බර කෙනෙක්. මිනිහ විහිලුවට කෑ ගහල කිව්වා
‘උඹට ඉංග්රීසි අමාරු නම් සිංහලෙන් කියපං’ කියලා.
සභාවේ සිනා.
මට ඒක ඇහුනම නම් වචන සටස් ගාලා ආවා.
‘මට ඉංග්රීසි බැරි නිසා ඉගෙන ගෙන ඉංජිනේරුවෙක් වුනා. ඉංග්රීසි පුලුවන් වුනා නම් අහිංසක මිනිසුන්ට ගිනි ගෙඩි දෙන පාවිච්චි කරපු කාර් විකුනන සේල්ස්මන් කෙනෙක් වෙන්න තිබුනා’
දැන් සභාවේ හිනාව ඩබල්.
නිම්මිට තරහ ගියා, කාටත් ඇහෙන්න
‘ඔයා හරි රූඩ්. අපේ ගෙදරට ආපු අමුත්තෙකුට එහෙම කියපු එක හරි නෑ’
කියල කිව්වම, අර යාලුවගෙ වයිෆ්
‘නෑ නෑ, එයා ඉල්ලලා නා ගත්තෙ’ කියල වැඩේ ෂේප්.
මමයි යාලුවයි
‘බලපං අපේ ගෑනු ගන්නෙ තමන්ගෙ මිනිහගෙ පැත්තෙ නෙවෙයිනේ’
කියලා හිනා වෙලා පොඩි හග් එකක් දීලා ආයේ වීදුරු පුරවගත්තා. කතාව එතනින් ඉවරයි. මගේ කතාව නවත්තපු එකට මිනිහට කවුරුත් ස්තුති කලා මම ඇතුලුව.
උපුටා ගැනීම: Devapriya Siriwardena

Read More Like This