
සීවලී හාමුදුරුවෝ….. (වැල්වටාරම්)
ඉස්සර අපි පුංචි කාලේ අපේ ගෙදර පාන් පෙට්ටිය තුනපහ පෙට්ටිය කියලා පෙට්ටි දෙකක් තිබුණා. පාන් ගෙනාපුවාම දාලා තිබ්බ ඒ පෙට්ටියේ උඩ පියන හදලා තිබුණේ පාන් කපන්න පුළුවන් වෙන විදියටයි. තුනපහ පෙට්ටියේ තිබුණේ වැඩිපුර තිබුණ කෑම වර්ගයි. පරිප්පු, සැමන් ටින්, සීනි



