
පලවෙනි දිග කලිසම සහ පොල්කටු ඉස්තිරික්කය (ඉස්කෝලෙ කාලෙ රස කතා)
බලමු මේ අත්දැකීම තියෙනවා ද කියලා… මේ සිදුවීම වුනේ සාමාන්‍ය පෙල කරලා , උසස් පෙල කරනකම් ගෙදර ඉන්න කාලේ. දැන් වගේ නෙවෙයි, ඒ කාලයේ ඉස්කෝලෙ සාමාන්‍ය පෙල දක්වාම ඇන්දේ කොට කලිසම්. දිග කලිසම් අඳින්න ඉඩ දුන්නේ උසස් පෙල ළමයින්ට විතරයි.



