
සිකුරිටි ගාඩ් (වැල් වටාරම්)
“ගුඩ්මෝනිං මිස්ලා දෙන්නටම!” සුභානියි, නිරූපයි ගේට්ටුවෙන් ඇතුලුවෙනකොටම අලුත් සිකුරිටි ගාඩ් දෙන්නව පිලිගත්තා. නිරූපා ‘මෝනිං!’ කීවේ ඕනෑවට එපාවට. කියන්නන් වාලේ වගේ. ඒකට සුභානි….. “ගුඩ්මෝනිං ලසන්ත! කොහොමද?” අනෙ අම්මේ සිරික්කිය!නිරූපාට තරහේ බෑ. ‘මේ සුභානිලා වගේ අය හින්දා තමයි මේ මිනිස්සු අපිටත් හරියට



