
වෙස්සන්තර ගේ දුව (වැල් වටාරම්)
අපේ තාත්තා ගැන කවුරුන් හෝ සමග කතා කරන විට අපේ අම්මා කියන්නේ එයා ඉතිං වෙස්සන්තර නේ කියාය .තාත්තාගේ නම වෙනකකි .ඒත් අම්මා කියන විදියට තාත්තාට ගැලපෙන්නෙ ඒ නමයි. අම්මා එසේ කියන්නේ තරහින් නම් නොවෙයි ඒත් නොක්කාඩුවක් ද, ප්‍රේමයද , ආඩම්බරයක්,ද








