ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර, රත්නපුරෙන් මතු වෙයි (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර ලෙස සැලකිය හැකි මැණික් පොකුරක් රත්නපුර ප්‍රදේශයෙන් සොයා ගත් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ පවසනවා.

එම මැණික් පොකුර කැරට් මිලියන දෙකයි දශම 5 ක් නැතිනම්, කිලෝග්‍රෑම් 510 ක බරකින් යුක්ත බවටයි සැලකෙන්නේ.
එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් පමණ වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

සිය නිවස පිටුපස ළිඳක් කැපීමේදී මෙම අසාමාන්‍ය මැණික් පොකුර හමුවී ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුටයි.

එය ඔහු සෙරන්ඩිපිටි සෆායර් ලෙස නම් කර ඇති බව සඳහන්.

 

උපුටා ගැනීම: Gossip Lanka News

Read More Like This