මුලු රටක් හිටිහැටියේ කලු වෙයි (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

විදුලි බලය නොමැතිවීම හේතුවෙන් සමස්ත ලෙබනනය පුරා දෛනික කටයුතු ඇණහිට තිබෙනවා.

ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් එරට ප්‍රධාන විදුලි බලාගාර දෙකෙහිම උත්පාදන කටයුතු අත්හටුවා තිබීම මීට හේතුවයි.

තවත් දින කිහිපයක් යනතුරු එය යථා තත්වයට පත් නොවනු ඇති බව සඳහන්.

ආර්ථික අවපාතය මෙන්ම ඉන්ධන අර්බුදය හේතුවෙන් පසුගිය මාස 18 පුරා ලෙබනනය පුරා විදුලි අර්බුදයක් නිර්මාණය වී තිබුණා.

මේ අතර ඉන්දියාවෙ පංජාබ් ප්‍රාන්තය තුළද දිනකට පැය කිහිපයක් විදුලිය කපා හැරීමට තීරණය වී තිබෙනවා.

ඒ විදුලිය නිපදවීමට අවශ්‍ය තරම් ගල් අගුරු නොමැතිවීම හේතුවෙනුයි.

 

උපුටා ගැනීම:Gossip Lanka News

Read More Like This