නැන්දම්මගේ ගණං හැදිල්ල,,, (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
විවාහ වී තුන් මසක ඇවෑමෙන් තම බිරිඳ දරුවෙකු ප්රසූත කිරීම නිසා වික්ෂිප්ත වූ සැමියා, තම නැන්දම්මා හමුවී මෙසේ කීවේය,,,
“නැන්දම්මේ … , ඔයාගෙ දුව මම ආපහු ගෙනත් දානවා. මට එයාගෙන් වැඩක් නෑ ..” කලබල නොවී ප්රශ්ණය කුමක්දැයි කියන ලෙස නැන්දම්මා පැවසීය. එතැන් සිට ඇතිවූ දෙබස මෙසේය,,,
බෑණා – කසාද බැඳලා මාස තුනයි ගියේ .. මේ ගෑණිට ළමයෙක් හම්බු උනා … එහෙම වෙන්නෙ කොහොමද,,,
නැන්දම්මා – ඒකද ප්රශ්ණෙ .. හරි .. කසාද බැඳලා කොච්චර කාලෙකින්ද ළමයි හම්බ වෙන්න ඕනෙ,,,
බෑණා – අඩු ගානේ මාස නමයක්වත් යන්න එපැයි,,,
නැන්දම්මා – හරි .. කොලේකුයි පෑණකුයි අරං ලියාගනිංකො … උඹ කසාද බැඳලා කොච්චර කල්ද,,,
බෑණා – මාස තුනයි,,,
නැන්දම්මා – උඹේ ගෑණි කසාද බැඳලා කොච්චර කල්ද,,,
බෑණා – මාස තුනයි,,,
නැන්දම්මා – උඹලා දෙන්නා කසාද බැඳලා කොච්චර කල්ද,,,
බෑණා – මාස තුනයිනෙ,,,
නැන්දම්මා – දැං ඔය ඔක්කොම එකතුව කීයද,,,
බෑණා – මාස නමයයිනෙ,,,
නැන්දම්මා – එහෙනං මොකක්ද උඹේ ප්රශ්ණෙ, ඔය තියෙන්නෙ මාස නමය,
හෙදර ගිහිං ගෑණිත් එක්ක හොඳිං ඉඳපං,
එක එකාගේ කතා අහන්නෙ නැතුව,,,
උපුටා ගැනීමකී
මූලාශ්‍රය: Anuk Matheesha

Read More Like This