නවක වදයට දඬුවම් කළ හැකි නවනීති ගෙන ඒමට අධ්‍යාපන අමාත්‍යාංශය සැරසෙයි… (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල සිදුවන නවක වදය හා වෙනත් සා හසික ක්‍රියා පිළිබඳ පොලිසියට පැමිණිලි කිරීමට හැකිවන පරිදි නීති සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

විශ්වවිද්‍යාල බලධාරීන්ට මෙතෙක් පොලිසියට පැමිණිලි කර නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොතිබුණු බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ අනුව අධ්‍යාපන ආයතනවල නවකවදය සහ වෙනත් ස්වරූපයේ සා හසික ක්‍රියා තහනම් කිරීමේ පනතේ නීති සංශෝධනය කිරීමට නියමිතය.

විශ්වවිද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රධාන විධායක නිලධාරිවරයා හෝ ඔහුගේ නියෝජිතයකුට, පීඩාවට පත්වන සිසුන් වෙනුවෙන් පොලිසියට පැමිණිලි කිරීමේ හැකියාව ලැබෙන අයුරින් නීති සංශෝධනය කෙරේ.

 

 

උපුටා ගැනීම: Lanka Telegraph

Read More Like This