පෑරුනු හිත් (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“ඔයා දන්නවනේ එයා මං ගැන බලාපොරෙත්තු තියන් හිටියා කියලා”
“ඔව් මං දන්නවා”
“ඉතිං දැන් මං එයා ගැන කිව්වම ඔයාගේ හිත රිදෙන් නැද්ද”
“ම්ම්ම්.. නෑ..”
“ඇයි ඒ”
“එයා බලාපොරොත්තු තියාගෙන හිටියට ඔයා එයාව බලාපොරොත්තු උනේ නෑනේ”
මට ඔයා එයා ගැන කිව්වට හිත රිදුනේ නෑ. ඔයා හිතන්න ඇති මට රිදෙයි කියලා. ඔයාව විශ්වාස නිසා ඔයාට ඒක පාර්ෂවීය ව ආදරේ කරපු කෙනෙක් හිටියට මට දුක හිතෙන්නේ නෑ. ඒ, ඒ ආදරේ ඇතුලේ ඔයා නැති නිසා. ඔයාව බලාපොරාත්තු උන අය ගොඩක් හිටියා. එහෙම උනා කියලා මට ඒ දේවල් ගැන දුකක් ඇති උනේම නෑ. ඒ ඔයා ගැන මං දන්න නිසා.
ඒත් පස්සේ මට හිතුනා, ඔයා ආදරේ නොකරපු, ඒත් ඔයාට ආදරේ කරපු සිදුවීම් ගැන මම දුක් නොඋන එක ගැන ඔයා දුක් වෙන්න ඇති කියලා. ඒ හින්දම එහෙම දෙයක් වැඩියෙන් උළුප්පලා පෙන්නලා මගෙ හිත චුට්ටක් රිද්දලා, ඒ මට රිදෙන හැඟීම ඇතුලේ ඔයා ආදරේ හොයන්න හිතන්න ඇති. රිදෙන්න ඕන තැන් කියලා ඔයා විශ්වාස කරපු තැන් වලදී මට නොරිදුන නිසා ඒකට ඔයාට රිදෙන්න ඇති. මම ඔයාව විශ්වාස කරපු එක මම ඔයාව ගණන් නොගැනීමක් විදියට ඔයා දකින්න ඇති. ඒක හින්දම ඔයා එයාව වැඩියෙන් උඩට අරන් මගේ හිත රිදෙන විදිය බලන්න හිතන්න ඇති.
එහෙම දවසක ආයෙත් ඔයා පරණ ප්රශ්නෙම මගෙන් ඇහුවා,
“ඔයාට දුක හිතුන ද”
ම්ම්ම්.. ඔව්”
“ඉතිං ඇයි දුක් වෙන්නේ, මම එයාට ආදරේ කලේ නෑනේ”
“ඒත් ඇයි එයා ගැන විතරක් ඔච්චර හැඟීම්බර වෙන්නේ”
“මම එයාට අනුකම්පා කලා. එයාගේ පවුල් පසුබිමත් එක්ක මට එයාව අනිත් අය වගේ දකින්න බැරි උනා. ඒත් කවදාවත් මං එයාට ආදරේ කලේ නෑ”
මම ඔයාව තේරුම් ගත්තා. ආය කවදාවත් ඒ දේවල් ගැන දුක් වෙන්නැති තැනට මම හිත හදාගත්තා. ආයෙත් දවසක එහෙම කතාවක් කියලා “ඔයාට දුක හිතුනද” කියලා ඔයා අහයි. ඒත් ආය මට දුක හිතෙන්නේ නෑ.
ආදරේ ඇතුලේ අත්හදාබැලීම් කරන්න යන්න එපා. ඒක අත්හදාබැලීමක් කියලා තේරුන දවසට ප්රථිඵලේ ගොඩක් සංවේදී වෙන්න පුළුවන්. සංවේදී හිතක් ගල් හිතක් කරලා කලින් තිබුනු හැඟීම්බර හිත මගෙන් බලාපොරොත්තු වෙන්න එපා. මම දන්නවා, ඔයා වෙනස් වෙලා නෑ. ඒත් ඔයාගේ හැඟීම තේරුම් ගන්න තැනට මම වෙනස් උනා. ඒක ඔයාට ගොඩක් සංවේදී දෙයක් වෙන්න පුළුවන්. ඒත් කරන්න දෙයක් නෑ. මම වෙනස් උනා.
 උපුටා ගැනීම:  Sherlock Holms

Read More Like This