පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය ගැබිනි මව්වරුන්ගෙන් කළ ඉල්ලීම (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ළගම තැනින් කොවිඩ් එන්නත ලබාගන්න

මෙතෙක් කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබානොගත් ගැබිනි මව්වරුන්ට එන්නත ලබාගන්නා ලෙසට පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය ඉල්ලා සිටියි.

පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවේ කොවිඩ් එන්නත් ලබානොගත් ගැබිනි මව්වරුන්ට තම ප්‍රදේශයේ රෝහලට හෝ සායනයට ගොස් එන්නත ලබාගැනීමේ හැකියාව පවතින බවයි.

ගැබිනි කාන්තාවන්ගෙන් 75%ක පමණ පිරිසක් මේ වනවිට කොවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇති බව විශේෂඥ වෛද්‍යවරිය පැවසීය.

මේ වන විට කොවිඩ් -19 වෛරසයට ගොදුරුවීමෙන් ගැබිනි කාන්තාවන් 32ක් මියගොස් ඇති බව ද ඇය සඳහන් කළාය.

මෙරටේ ගැබිනියන් 4200කට මේ දක්වා කොවිඩ් ආසාදනය වී ඇති අතර, ගැබිනි මව්වරු 32දෙනෙකු කොවිඩ් ආසාදිතව මියගොස් තිබේ.

 

උපුටා ගැනීම: අරුණ

Read More Like This