සිල්ලු.. (කටට රසට අහාර රටා )

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කාලා තියෙනවද සිල්ලු..(පුස් වැල්) මඤ්ඤොක්කයි සිල්ලුයි කියන්නේ කිරියි පැනියි වගේ.. ඒ රසනම් පට්ටම කෑමක්.. හැබැයි ටිකක් උයාගන්න අමාරුයි..
සිල්ලු වැල අතීතයේ අලංකරණ කටයුතු වලට භාවිතා කලත් වර්තමානයේ දි සිල්ලු වැලක් කැපීමට පවා ගැමියන් බියක් දක්වයි.. සිල්ලු වැල් කැපීම නීතියෙන් තහනම් බැවින් සෑම වනාන්තරයකම පාහේ සිල්ලු වැල් සුරක්ෂිතව පවතී..
මඤ්ඤොක්කා සමග සිල්ලු කලවම් කර ආහාරයට ගැනීම ගැමියන් අතර ප්රචලිත කෑමකි. මුලින්ම සිල්ලු ගෙඩි කපා මදය ගෙන එක වරක් තම්බාගෙන මදිය.. එක වරක් තම්බා වතුර පෙරා දෙවරක් නොව තුන්වරක් පමණ සිල්ලු මද තම්බා ගත යුතුය.. එලෙස තම්බා ගත් සිල්ලු මඤ්ඤොක්කා සමග එකට තම්බා රස බලන්න.. ඉතා රසවත් ය…
උපුටා ගැනීම: නුවන් රංග

Read More Like This