“උඹ පොශ් ද.?” (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“උඹ පොශ් ද.?”
“ඒ..කිව්වේ..?”
“ෆුඩ් සිටි එහෙම යනවද..”
” හිහ්..කෝප් සිටියක් නං තියෙනවා ..ටවුමේ”
“අයි වෝන්ට් ගෙට් ඇන් අපොයිමන්ට් ෆො ඩොක්ටර් …. කියලා ෆෝන් එකෙන් බෙහෙත් එහෙම ගන්ඩ වෙලාවක් දා ගන්නවද.”
” නෑනේ..හතරට කලින් ගිහිං තුණ්ඩුවක් අරං වාඩි වෙලා ඉන්නවා දොස්තර එනකං”
“බර්ගර් කින්ග් ගිහිල්ලා නෑ..?”
“පොත් ප්රදර්ශනේකට ගිය දවසක ගිහිං තියෙනවා”
“සගක් එහෙම දාපං”
“දාන්ඩෝනේ”
“ඉංග්රීසි සින්දුනං අහන්නෑනේ..”
“ඉස්කෝලේ කොන්සර්ට් එකේනං කියලා තියෙනවා “
“අස්සන දාන්නේ එතකොට ..”
මුලු නමම සිංහලෙන් ලියනවා වැල් අකුරෙන්”
“ඉංග්රීසියන් දාපම්”
“ඒ ඇයි..?”
“තව ටිකක් පොශ් වෙයන්”
***************************************
“වරෙං යන්ඩ..?
“කොහෙද”
“කලු මාමාලෑ දිහා..කිතුලෙන් බහින වෙලාව”
“ඉදපං පීනට් පැකට් එකක් ගන්ඩ”
“ලුණු ටිකක් ඉල්ල ගමු..”
“සිගා..ස්?”
“කලු මාමගෙන් බීඩියක් ඉල්ල ගමු”
“කූඩැල්ලෝ නැද්ද..”
“මොකෝ නැත්තේ. සබන් කෑල්ලක් ඉල්ලං ගාපුම හරි..”
“ඔක්කොම කලු මාමගෙන්මද ඉල්ල ගන්නේ”
“නෑ..නැන්දගෙන්.
“දෙයිද..”
“අපෝ..මොකද නැත්තේ”
“බොන්නේ කොහෙද”
“පොල් කොටයක් හරහ වැටිලා තියෙනව ගේ පිටිපස්සේ”
“කරදරයක් නෙමෙයිද”
“එහෙම එයාලා හිතන්නෑ”
“ස්ටුපිඩ් විලේජස්ලා..”
“ගමේ උං ඒම තමා..”
උපුටා ගැනීම: Dinesh Thilina

Read More Like This