වැඩි කළ ගෑස් මිල යළි අඩු කරයි (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ගෑස් අලුත්ම මිල ගණන් මෙන්න

පාලන මිල ඉවත් කිරීමත් සමඟ ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ වැඩි කළ ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් යළි සංශෝධනය කර තිබේ.

ඒ අනුව,

කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 2,675කි.

කිලෝග්‍රෑම් 5ක් වු ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 30කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1,071කි.

කිලෝග්‍රෑම් 2.5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 14කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 506කි.

 

උපුටා ගැනීම:  අරුණ

Read More Like This