
කළවම් ලේ ( කෙටි කතාව) (වැල්වටාරම්)
නන්දාවතී මැණිකේ වැරැන්ඩාවෙහි වූ ඇඳි පුටුවෙහි හිඳගෙන කල්පනා කරමින් උන්නාය. විටෙක කෝපයෙන් දත්මිටි කෑ නන්දාවතී මැණිකේ තවත් මොහොතකින් සෝපාහාස සිනහවක් මුවෙහි රඳවාගත්තාය. ඇගේ සිතෙහි කෝපයක් මෙන්ම සෝපාහාස සිතිවිල්ලක්ද පැන නැඟුනේ එකම කාරණාවක් වෙනුවෙනි. උදය වරුවේ නිවසට පැමිණි තම වැඩිමල් සොහොයුරු



